fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාමාඤ්ඤ නිකායේ මහානායක ධුරයට අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන ස්වාමීන්වහන්සේ තෝරා පත්කර ගැනේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 11:57

රාමාඤ්ඤ නිකායේ 14 වෙනි මහානායක ධුරය සඳහා අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන ස්වාමීන්වහන්සේ තෝරා පත් කර ගැනුණා.

අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක ස්වාමීන්වහන්සේ  අපවත් වීමෙන් පුරප්පාඩු වූ ධුරය සඳහායි මීරිගම මිණිඔළුව විද්‍යාවාස මහ පිරිවෙන් විහාරාධිපති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන ස්වාමීන්වහන්සේ පත් කර ගැනුණේ. ඒ මහනුවර පල්ලේකැලේ මධ්‍යම පළාත් ශ්‍රවනාගාරයේ දී පැවති රාමඤ්ඤ නිකායේ විශේෂ කාරක සංඝ සභාවේදීයී. අභිනව මහනායක ස්වාමීන්වහන්සේ ඒකමතිකව තේරීපත් වුණා. 1960 වසරේදී පැවිදි භූමියට ඇතුළත් වූ උන්වහන්සේ ත්‍රිපිටක විශාරද ,ගෞරව ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි හිමිකර ගෙන තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්