fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධී මත්පැන් අලෙවියේ අඩුවක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 13:01

නීති විරෝධී මත්පැන් අලෙවියේ අඩුවක්

පෙර වසර වලට සාපේක්ෂව මෙවර නීතිවිරෝධී මත්පැන් අළෙවිය කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය සෙනසුරාදා සිට අද උදෑසන දක්වා මත්පැන් අලෙවිය තහනම් බවයි බලපත‍්‍රලාභී මත්පැන් අලෙවිසැල් වලට දැනුම්දී තිබුණේ. ඔවුන් සම්බන්ධයෙන් ද කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් නොවූ බව සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළා.

බලපත‍්‍ර සහිත සිල්ලර මත්පැන් අලෙවිසැල් සහ සංචාරක මණ්ඩල අනුමැතිය ලත් ස්ථාන හාරදහසකට වැඩි ප‍්‍රමාණයක් රටපුරා කි‍්‍රයාත්මක බව ද සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වාදෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 13:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්