ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) දින උදෑසන නානුඔය රදැල්ල කෙටමාර්ගය වතුයායේ වතුකම්කරුවන් හමු වී සාකච්ඡා කර තිබෙනවා.
තමන් හමුවීමට පැමිණී එකම ජනාධිපතිවරයා අනුර කුමාදිසානායක මහතා බව වතු කම්කරුවන් සඳහන් කළා.
ජනාධිපතිවරයා එම ස්ථානය පැමිණිමත් සමගම වතු කම්කරුවන් ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළි ගැනීමෙන් අනතුරුව තමන්ගේ වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තූතියද පුද කරනු ලැබූවා.
මෙහිදී වතු කම්කරුවන් කියා සිටියේ ජනාධිපති අනුර කුමාර දිනාසානයක මහතා තමන්ට වැටුප් වැඩි කළා පමණක් නොව, තමන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි එකම ජනාධිපතිවරයා බවයි.
