fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කලාපයේ මිත්‍රත්වය වර්ධනය කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනපති පවසයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 18:54

කලාපයේ මිත්‍රත්වය වර්ධනය කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනපති පවසයි

ශ්‍රී ලංකාවේ අරමුණ ආසියා කලාපයේ මිත්‍රත්වය වර්ධනය කර ගැනීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස්වරයා පෙරේදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියාසිටිනවා. ඉන්දියාව එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වන වගන්තිය අහෝසි කිරීම හා 35 ඒ වගන්තිය අවලංගු කිරීමත් සමග ඇති වූ තත්ත්වය පිළිබඳ මහකොමසාරිස්වරයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැනුවත් කළා. ඉන්දියාව හා පාකිස්තානය යන දෙරටම ශ්‍රී ලංකාව සමග ඉතා උසස් මිත්‍රත්වයක් පවත්වන රටවල් බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දී තිබෙනවා. කලාපයේ මිත්‍රත්වය වර්ධනය කර ගත යුතුය යන ජනාධිපතිතුමාගේ ස්ථාවරය මත පදනම්ව මෙම සාකච්ඡා සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත රොබට් ජුකාම් මහතා අද පෙරවරුවේ ජනාධිපතිතුමා මුණගැසුනා. එහිදී එම නියෝජිතවරයා පවසා ඇත්තේ තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට ශ්‍රී ලංකාවට සහාය දක්වන බවයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් දැනට මෙරට ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් පිළිබදව එම නියෝජිතවරයා ජනාධිපතිතුමා දැනුවත්කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 18:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්