විදේශ රැකියා වංචාවන්හි යෙදීම හේතුවෙන් තාවකාලිකව බලපත්රය අත්හිටුවා තිබියදීත්, විදේශ රැකියා ලබාදීම සඳහා බඳවාගැනීම් සිදුකළ විදේශ රැකියා නියෝජිත ආයතනයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් වටලා තිබෙනවා .
කාර්යාංශයේ වලංගු බලපත්රයක් නොමැතිව මරදාන ප්රදේශයේ ආයතනයක් පවත්වාගෙන යමින් විදේශ රැකියා සඳහා බඳවාගැනීම් කරන බවට ලද තොරතුරක් අනුවයි අදාළ ස්ථානය ඊයේ (20) වටලා ඇත්තේ .
එහිදී හෙළිවී ඇත්තේ විදේශ රැකියා වංචාවන්ට අදාළව පැමිණිලි 85ක් ලැබීම හේතුවෙන් එම ආයතනයේ බලපත්රය මෙලෙස අත්හිටුවීමට පියවරගෙන ඇති බවයි
ඒ අනුව එම ආයතනයේ බලපත්රලාභියා හා එහි සේවය කළ නිලධාරීන් තිදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
එමෙන්ම එහි තිබී විදේශ ගමන්බලපත්ර 256ක් ඇතුළු ලේඛන රැසක්ද භාරයට ගෙන තිබෙනවා .
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (21) මාළිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .
විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්රය ලබාදීමට පෙර, එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි සොයා බලන ලෙස එම ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .
එමෙන්ම ඒ සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙසයි විදේශ රැකියා අපේක්ෂිතයින්ට ප්රකාශ කරන්නේ .
