උඩරට දුම්රිය මාර්ගය ගමනාගමන කටයුතු සඳහා යතාවත් කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා .
එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන රාත්‍රී තැපැල් දුම්රියන් අද (21) සාමාන්‍ය පරිදි ධානයට එක් කිරීමට කටයුතු යොදා ඇති බවයි .
එමෙන්ම හෙට(22) දින කොළඹ කොටුව සිට බදුල්ල දක්වා පෙරවරු 9.45 ධාවනය වන දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා පෙරවරු 10.20ට ධාවනය වන දුම්රියන් දෙක පමණක් අවලංගු වන අතර උඩරට මාර්ගයේ අනෙකුත් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා .
