2019 රයිගම් ටෙලීස් සම්මාන උළෙල කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් ඊයේ පැවැත්වුණා.
ජනප්‍රියම ටෙලිනාට්‍ය සංස්කෘතියට විශිෂ්ඨතම ටෙලිනාට්‍ය තෝරාපත් කිරීම යළිත් වරක් සනාථ කරමින් ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය සම්මානයට පාත්‍ර වුණා.
එමෙන්ම විශිෂ්ටතම ප්රවෘත්ති නිවේදක සහ වසරේ විශිෂ්ටතම සංගීත වැඩසටහන ඇතුළු අංශ රැසකින් සම්මාන රැසක් දිනා ගැනීමට ස්වාධීන රූපවාහිනිය මෙහිදී සමත් වුණා.
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සම්මාන උලෙළ පැවැත්වුණා. රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ , ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ යන මහත්වරුන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් හා කලාකරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියා.
වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යයට හිමි සම්මානය ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයට හිමිවුණා. වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මාන දිනා ගත්තේ ගිරිදේවි ටෙලි නාට්‍යයට රංගන දායකත්වය දැක්වූ ශලනි තාරකායි.
මෙවර සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ප්රවෘත්ති නිවේදක සිංහල සම්මානය ස්වාධීන රූපවාහිනී ප්රවෘත්ති අංශයේ සහන් උඩුවවිදානට හිමිවුණා. වසන්තම් ටීවී ප්රවෘත්ති අංශයේ චන්ද්‍රිකා ආරුමුගම් වසරේ විශිෂ්ටතම දෙමළ ප්රවෘත්ති නිවේදක සම්මානයෙන් පිදුම් ලැබුවා. වසරේ විශිෂ්ඨතම රූපවාහිනී සම්ප්‍රේෂක දෙමළ සම්මානය වසන්තම් TV එම්. එස් ඉර්ෆාන් මොහොමඩ් දිනාගත්තා.
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වූයේ ස්වාධීන රූපවාහිනියේ Okey Art Palette වැඩසටහනයි. ඊට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ මෙලාන් සුගතදාස මහතායි.
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වූයේ ලක්ෂ්මන් මත්තුමගල හා ඩෙනීෂා හර්ෂණී විතාරණ නිෂ්පාදනය කළ Know your Rights වැඩසටහනයි. ස්වාධීන රූපවාහිනියේ ජනජීව වේහැල්ල නිෂ්පාදනය කළ Acoustical Unlimited වැඩසටහන වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීතමය වැඩසටහන ලෙස සම්මාන දිනාගත්තා.
ජූරියේ කුසලතා සහතිකය ස්වාධීන රූපවාහිනියේ හුස්ම වැටෙන මල් හි රගපෑ හිරුන්දි දෙව්සිළුනි දියණියට හිමිවුණා.
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය වෙනුවෙන් වූ සම්මානය ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ දෙයියන්ගේ රටේ ටෙලි නාට්‍යයේ සතර අභින කදුලු ගීතය රචනා කළ මංජුල වෙඩිවර්ධන ට හිමිවුණා.
සම්මාන උලෙළේ දී විශේෂ ප්රණාම සම්මානය සංගීත අධ්යක්ෂ මනෝජ් පීරිස් හා ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල යන මහත්ම මහත්මීන්ට හිමිවුණා.
සම්මාන උලෙළේ ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියට පිරිනැමුණා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=2f4HIdew_BQ&feature=youtu.be&fbclid=IwAR3dHcyyehiMSEjLmTikq43rzenrKl3LikTgnq7ZigzaxegL7Rw9csvIWtg”]