මොරොක්කෝවේ තරුණ කණ්ඩායම් ද එරට රජයට විරෝධය පළකරමින් විරෝධතා පැවැත්වෙනවා.
පසුගිය සති කිහිපයක සිට මොරොක්කෝවේ නගර කිහිපයකදීම එරට රජයට විරෝධය පළකරමින් තරුණ කණ්ඩායම් විරෝධතා සංවිධාන කර තිබුණා.
දූෂණය වංචාව හා නව ව්‍යාපාර ආරම්භ කිරීමට නොහැකිවීම යන කරුණු මුල්කර ගනිමිනුයි මෙම විරෝධතා පැවැත්වෙන්නේ.
මොරොක්කෝවේ ඇමතුම් කේතය අනුව එම කණ්ඩායම ජෙන් සි ටූහන්ඩ්රඩ් ටුවෙල් ලෙස නායකයෙකු නොමැති මෙම තරුණ සමූහය නම්කර තිබෙනවා.
එහි සාමාජිකයින් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවටයි වාර්තා වන්නේ.
මේ ආකාරයටම පසුගිය කාලය තුළදී මැඩගස්කරය, කෙන්යාව, පේරු, නේපාලය හා බංග්ලාදේශය යන රටවල ද තරුණ කණ්ඩායම් රාජ්‍ය විරෝධී විරෝධතා පැවැත්වූවා.
