ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන තුන ඉක්මවා ගොස් ඇති බව ජෝන්ස් හොප්කිංග්ස් විශ්වවිද්‍යාලය පවසනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ ලොව පුරා කොරෝනා වයිරසයේ බලපෑම ඉහළම අගයකට පැමිණ ඇති බවයි. ඉන්දියාවේ පමණක් ඊයේ දිනයේ දී නව ආසාදිතයින් දෙලක්ෂ තිස් දහසකට අධික සංඛ්‍යාවක් හඳුනාගත්තා. කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති රටවල් වන්නේ ඇමරිකාව ඉන්දියාව සහ බ්‍රසීලයයි. මේ වනවිට ලොව පුරා කොරෝනා වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව 141,323,933ක්. සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,024,317ක්.
