fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටික් ටොක් වීඩීයෝ සංස්කරණ මෘදුකාංගය තහනම් කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 13:12

ටික් ටොක් වීඩීයෝ සංස්කරණ මෘදුකාංගය තහනම් කෙරේ

සමාජය පුරා මේ වන විට දැඩි කථාබහට ලක්වී තිබෙන ටික් ටොක් විඩීයෝ සංස්කරණ මෘදුකාංගය තහනම් කිරීමට ඉන්දීය අධිකරණයක් පියවර ගෙන තිබෙනවා.

ඉන්දීයාවේ මදුරාසි අධිකරණය එරට ඉලෙක්ට්‍රොනික් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයට ටික් ටොක් විඩීයෝ සංස්කරණ මෘදුකාංගය ඉවත් කරගන්නා ලෙසට නියෝග ලබා දී තිබෙනවා. එම අමාත්‍යංශය මේ වන විට ඇපල් සහ ගූගල් සමාගම වෙත දැනුම් දී ඇති බවද සදහන්. ටික් ටොක් සම්බන්ධව එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එය ලබන 22 වනදා සලකා බැලීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙලෙස මෙම මෘදුකාංගය ඉවත් කිරීමට මූලික හේතුව වන්නේ ඉන් එරට සංස්කෘතියට හානි වන බවත්, ළමා අපචාර සිද්ධින් සිදු වන බවත්, අසාමාන්‍ය හැසිරීම් සමාජ ගත වීම ඇතුළු කරුණු හේතුවෙන් බවයි. මේ වන විට ගූගල් සමාගම මෙම මෘදුකාංගය ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අධිකරණ නියෝගයත් සමඟ ලක්ෂ ගණනක ටික්ටොක් විඩියෝ පට ඉවත් කර තිබෙනවා. එමෙන්ම එම මෘදුකාංගය භාගත කිරීමද තහනම් කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 13:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්