අමෙරිකා හමුදා විසින් ජාත්‍යන්තර මුහුදේදී තවත් වෙනිසියුලානු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත යාත්‍රාවකට පහරදී තිබෙනවා.
අමෙරිකාවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍යය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ත්රස්තවාදීන් ලෙස හදුනාගත් පිරිසකට මෙලෙස පහර දුන් අතර මෙහෙයුමේදී පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි.
පසුගිය දෙවැනිදා ද වෙනිසියුලානු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර එහිදී 11 දෙනෙකු මියගොස් තිබුණා.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෙයි විසින් මෑතක එල්ල කළ ප්‍රහාරය හෙළා දැක ඇති බවයි.
එමෙන්ම ඒ සඳහා වන ප්‍රතිප්‍රහාර තියුණු විය හැකි බවට ද වෙනිසියුලානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

