fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානය අර්බුදයකට ඇද දමමින් ජනපති ධුරයට දෙදෙනෙකු දිවුරුම් දෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2020 19:13

ඇෆ්ගනිස්ථානයේ එකවර දෙදෙනෙකු ජනාධිපති ධුරය සඳහා දිවුරුම් දී තිබෙනවා.

හිටපු ජනාධිපති අෂ්රෆ් ගානී මෙන්ම හිටපු විදේශ ඇමතිවරයකු වන අබ්දුල්ලා අබ්දුල්ලා ස්ථාන දෙකකදී දිවුරුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරුණේ පෙබරවාරි මාසයේදීයී. ඇෆ්ගන් මැතිවරණ කොමිසම නිවේදනය කළේ ජයග්‍රහකයා අෂ්රෆ් ගානි බවයි. කෙසේ වෙතත් අබ්දුල්ලා අබ්දුල්ලා පවසන්නේ ගානි වංචාවක් මඟින් ජයග්‍රහණය කර ඇති බැවින් ජනාධිපතිධුරය හිමි විය යුත්තේ තමන්ට බවයි. ඒ අනුව දෙදෙනාම දිවුරුම් දීමේ උත්සව පැවැත්වුවා. නව තත්ත්වය සමඟ ඇෆ්ගනිස්ථානය තුළ දැඩි දේශපාලන අර්බුධයක් නිර්මාණය වී තිබෙනවා. ඇමෙරිකා නියෝජිතයකු පාර්ශ්ව දෙක අතර සාකච්ඡාවලට මැදිහත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ඇෆ්ගන් නීතියට අනුව මැතිවරණය ජයග්‍රාහකයා දැනුම්දීමෙන් දින 30 ක් අතුළත දිවුරුම් දීමේ උත්සවය පැවැත් විය යුතුයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2020 19:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්