කොටදෙණියාව පොලිස් වසමේ කිතුල්වල බටදොල වත්ත මීරිගම ප්රදේශයේ පදිංචි කාන්තාවක් විසින් ඇගේ පුතා අතුරුදන් වී ඇති බව ඉකුත් 22 දින කොටදෙණියාව පොලිස් ස්ථානය කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අතුරුදන් වූ පුද්ගලයා රංකොත් ජේඩීගේ පාලිත පුෂ්පකුමාර 45 හැවිරිදි කිතුල්වල බටදොල වත්ත , මීරිගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු ආදී 05ක් සහ අඟල් 5ක් පමණ වන තලෙළු සිරුරක් ඇති කොණ්ඩය කොටට කපා ඇති පුද්ගලයෙක්.
මෙම පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතන අතර යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පොලිස් ස්ථානය කොටදෙණිය – 071-8591634
පොලිස් ස්ථානය කොටදෙණිය – 033- 2272222
මේ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්,

