වසර 2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවැනි වටයේ අභියාචනා ඉදිරිපත් කිරීම අද (03) සිට 17 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස උපරිම පාසල් 3ක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි අමාත්‍යාංශය පවසන්නේ.
g6application.moe.gov.lk දිගුව ඔස්සේ ඍජුවම අභියාචනා යොමු කිරීමේ හැකියාව ද පවතිනවා.
