ඉන්දියාවේ නව ජනාධිපති දෞපදි මුර්මු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සුබපැතුම් එක්කළා.
ඉන්දියාවේ නව ජනාධිපතිවරියගේ පත්වීම වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මීට පෙර ලිපියක් යොමුකළා. ඊට පිළිතුරු ලෙස සුබ පැතුම් සමගින් රනිල් වික්රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකළ ඉන්දීය ජනාධිපතිවරිය ප්රකාශ කරන්නේ ශ්රී ලංකාව මුහුණ දී ඇති අර්බුදවලට අසල්වැසියාට ප්රමුඛත්වය යන ප්රතිපත්තිය යටතේ අඛණ්ඩවම ඉන්දියාව සහාය දෙන බවයි. දීර්ඝ කාලීනව පවතින ද්වී පාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වීම තම බලාපොරොත්තුව වී තිබෙන බව ඉන්දීය ජනාධිපතිවරිය වැඩිදුරටත් සිය ලිපියෙන් ප්රකාශ කරනවා.
