ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දළදා වහන්සේ වැඳ පුදා ගනී
Related Articles
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් වූ පසුව අද පළමු වරට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද පුදාගෙන ආශිර්වාද ලබාගත්තා.
එමෙන්ම අද සන්ධ්‍යාවේදී ජනාධිපතිතුමා වෙත පිලිගැනීමේ සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් මල්වතු හා අස්ගිරි විහාර මගින් සංවිධාන කර තිබෙනවා.
ශ්‍රී දළදා වහන්සේ වැද පුදා ගැනීම සදහා මහනුවර දළදා මාලිගය වෙත පැමිණි ජනාධිපතිතුමා පිළිගැනීම සිදු කළේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදප් නිලංග දෑල මහතා විසින්. අනතුරුව ජනාධිපතිතුමා දළදා වහන්සේ වැද පුදාගැනීමට එක් වුණා. මෙම අවස්ථාවට අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන, පාලිත රංගේ බණ්ඩාර සහ මහනුවර නගරාධිපති කේසර සේනානායක යන මහත්වරුන් එක්ව සිටියා.
දළදා වහන්සේ වැද පුදාගැනීමෙන් අනතුරුව දළදා මාලිගාවට පැමිණීම සනිටුහන් කිරීම වෙනුවෙන් සමරු සටහන් පොතේ සටහනක් තැබීමට ද ජනාධිපතිතුමා කටයුතු කළා. ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශ්වයේ මහානායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපානණ්ගෙන් ආශිර්වාද ලබාගැනීමට නියමිතයි.
එමෙන්ම මෙහිදී ජනාධිපතිවරයා පිලිගැනීම සදහා වූ සන්නස් පත්‍රය ලබාදීම මල්වතු පාර්ශ්වය විසින් සිදු කරන අතර මල්වතු විහාරස්ථ පොහොය ගෙය තුළදී එම උත්සවය පැවැත්වෙනවා. අනතුරුව අස්ගිරි මහා නාහිමි පූජ්‍ය වරකාගොඩ ඥාණරතන ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීමට ද ජනාධිපතිතුමා එක්වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ.
මෙහිදී ද ජනාධිපතිතුමා පිළිගැනීම සදහා වූ අස්ගිරි පාර්ශ්වය විසින් පිළිගන්වන සන්නස්පත්‍රය ජනාධිපතිතුමා වෙත ලබාදීමට නියමිතයි. ඉන් අනතුරුව අද සන්ධ්‍යාවේදී ජනාධිපතිතුමා සහ මහනුවර දේශපාලන අධිකාරිය අතර විශේෂ සාකච්ඡාවක් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.