ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානයක් කඩා වැටී තිබෙනවා.
ඉන්දියාවේ උත්තර්ප්රදේශ් ප්රාන්තයේ කුෂිනගර් ප්රදේශයටයි යානය කඩා වැටී ඇත්තේ. ගෝරාක්පූර් ගුවන් හමුදා කදවුරෙනුයි ජෙට් යානය ගමන් ආරම්භ කළේ. අනතුරෙන් එහි ගමන් ගත් ගුවන් නියමුවාට කිසිදු හානියක් සිදුව නැහැ. යානය අනතුරට ලක්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස ඉන්දීය අධිකරණය නියෝග කර තිබෙනවා.