පුරන් කුඹුරු අස්වැද්දීම හා වගා නොකළ භූමිවල වගා කටයුතු ආරම්භ කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන අද (15) ආරම්භ කෙරුණා.
එක මිටට ගොවි බිමට පෙළ ගැසෙමු යන තේමාව යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ කුරුණෑගල – පොල්ගහවෙල, හොදැල්ල ජයසුන්දරාරාමයේදීයී.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙන්ම මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුනා.
ප්‍රධාන උත්සවයට සමගාමීව දිවයිනේ ප්‍රදේශ රැසකදීම එක මිටට ගොවිබිමට පෙලගැසෙමු වැඩසටන ක්‍රියාත්මක කෙරුණා.