ඓතිහාසික මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරිමට සැලසුම් කර තිබෙනවා.
මින්තලය රජමහා විහාරස්ථානයේදි හෙට (06) උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ආරම්භ වනවා. ඊට සමගාමිව අනුබුදු මිහිදු මාහිමි කෘතගුණ පූජා පුණ්‍යෝත්සවය අද (05) සවස 5.00ට ආරම්භ කිරිමටයි කටයුතු සංවිධාන කර තිබෙන්නේ.
සර්ව රාති‍්‍රක මහා කෘතගුණ පූජාවක් , හේවිසි ශබ්ද පූජාවක් සහ පිච්චමල් පූජාවක් ද වැඩසටහනට ඇතුලත්. හෙට (06) දින දහස් නමක් පූජනිය ත්‍රෛනිකායික මහා සංඝයා විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමීමට නියමිතව තිබෙනවා.