කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා .
ඒ අනුව අද (29) දහවල් 12 සිට හෙට (30) උදෑසන 6 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව බලපැවැත්වෙන බවයි සඳහන් වන්නේ .
අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සපයන ජල සම්ප්‍රේශන නළයක සිදුකෙරෙන හදිසි හා අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම කප්පාදු කරන බව එම මණ්ඩලය දැනුම් දෙනවා .