පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට අනිවාර්යයෙන්ම දඩුවම් ලබා දෙන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. එම පරික්ෂණ අඛන්ඩව සිදුවන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණි අමාත්‍ය සරත් වීරසේකර මහතා පාස්කු ප්‍රහාරයේ පරික්ෂණවල ප්‍රගතිය පිළිබද නීතිපති දප්පුල ද ලිවේරා මහතා සමග සාකච්ඡා කළා. එම පරික්ෂණ සම්බන්ධව පැතිර යන අසත්‍ය ප්‍රචාර එයට හේතුවෙන් මෙම පියවර ගත් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/iTpMytYkveY”]