2024 පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාළව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 534 ක් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද (14) දින උදැසන 7 ට ආරම්භ කර තිබෙනවා .
මේ අතර උදෑසන (10) වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 20% ක් බවයි නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසන්නේ .
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වලට (13) දින පස්වරුවේ සිට වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ යම් බාධා සිදු වූ බවත් අද (14) දින උදැසන යහපත් කාලගුණික තත්ත්වයක් පවතින අතර පස්වරුවේ වර්ෂා සහිත කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් උදෑසනම ඡන්ද පොලට ගොස් ජන්දය භාවිතා කරන ලෙස තේරීම්භාර නිලධාරිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .