ග්ලයිෆොසෙට් අඩංගු පොහොර තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මැදවච්චිය නගරයේ සිදුකළ වැටලිමකින්. නීතිවිරෝධී ග්ලයිෆොසෙට් අඩංගු ඇමෝනියා පොහොර ඇසුරුම් 186ක් සොයා ගැනුණා.
ඒවා අළෙවියට සූදානම් කර තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ. අත්අඩංගුවට ගත් වෙළදසැලේ හිමිකරු සහ පොහොර තොගය පරික්ෂණ සඳහා අනුරාධපුර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.