කහටගස්දිගිලිය පොලිසිය ක්රියාත්මක කළ මෙහෙයුමකදී නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කහටගස්දිගිලිය සීප්පුකුලම ප්රදේශයේ ගංජා අලෙවිකරන පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තේ අද අලුයමයි.
එම සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබු නීති විරෝධී මත්පැන් තොගයක් සොයා ගත්තා.
ඒත් සමගම සැකකරුගේ නිවසට යාබද නිවස පරික්ෂා කිරීමේදී එහි ද නීති විරෝධී මත්පැන් තොගයක් තිබී පොලිසිය සොයා ගෙන තිබෙනවා.
