රජයේ ආයතන වසා දැමීම වළක්වමින් ඇමෙරිකා සෙනෙට් මණ්ඩලය රජයේ වියදම් පැකේජයකට අනුමැතිය ලබා දුන්නා.
ඊයේ මධ්‍යම රාත්‍රියට පෙර එම වියදම් පැකේජය සම්මත කල යුතුව තිබුණා.
සෙනෙට් මණ්ඩලය පනත් හයක් සම්මත කර ඇති අතර එහි වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 459 ක්.
ඒ අනුව අදාළ ආයතන සඳහා ඇමෙරිකා රජයෙන් 30% කට ආසන්න අරමුදල් සැපයීමක් සිදුවනවා.
කෙසේ වුවද ෆෙඩරල් වියදම් කපා හැරීමට මෙම පියවර ප්‍රමාණවත් නොවන බවයි සෙනෙට් මණ්ඩල රිපබ්ලිකන් සභිකයන් මෙයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සඳහන් කළේ.
අදාල වියදම් පැකේජ අවසන් මොහොතේ පැය ගණනක විවාදයෙන් පසුව 75ට 22ක් ලෙස වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
වියදම් පැකේජයට අනුමැතිය හිමි නොවුයේනම් කෘෂිකර්මය, ප්‍රවාහනය සහ ප්රවීණයන්ගේ කටයුතු අධීක්ෂණය කරන ආයතන ඇතුළුව රජයේ දෙපාර්තමේන්තුවලින් 20%ක් තාවකාලිකව වසා දැමීමට සිදුවනවා.
ආරක්ෂක වියදම් , ස්වදේශීය ආරක්ෂාව හා රාජ්‍ය දෙපාර්තමේන්තු අයවැය ඇතුළු අනෙකුත් ෆෙඩරල් අරමුදල් ලබා දීම සම්බන්දයෙන් එළඹෙන සතියේදී තීරණය කල යුතු වනවා.
පසුගිය දශක හතරක කාලය තුළ ඇමෙරිකාවේ රජයේ ආයතන වසා දැමීම් හෝ අර්ධ වශයෙන් වසා දැමීම් 10 ක් පමණ සිදුව තිබෙනවා.
