දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම්වල පදිංචිකරුවන්ට එම ඉඩම් දීර්ඝකාලීන බදු පදනම මත ලබා දෙන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල දුම්රිය සේවකයන් මෙන්ම වෙනත් පුද්ගලයන් වෙන්දේසි කිරීම් සිදුකර තිබෙනවා.
ඒ අනුව ඒවායෙහි පදිංචිකරුවන්ට මෙසේ තවදුරටත් රැඳී සිටීමට අවසර ලබා දෙන බවයි නාවලපිටිය දුම්රිය ස්ථානයේ සහකාර වාණිජ අධිකාරී කාර්යාලය විවෘත කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
වසර 10කට වඩා වැඩි කාලයක් මෙම ඉඩම්වල පදිංචිකරුවන්ට බදු පදනම මත ඉඩම් ලබාදීම සැලැස්මයි.
සහකාර වාණිජ අධිකාරී කාර්යාලයක් අනුරාධපුර ප්‍රදේශයේ පිහිටුවීමට ද සැලසුම් කර තිබෙනවා.
නාවලපිටිය දුම්රිය ස්ථානයේදී පසුගියදා විදේශිකයන් දෙදෙනෙකුට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/l7nLzx5PrfM”]