ඉම්රාන් ඛාන්ගේ ප්‍රතිවාදී ප්‍රධාන පක්ෂ 2 රජයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළැඹ තිබෙනවා.
පකිස්ථානයේ නවාස් ෂරීෆ් සහ බිලාවල් භූතෝගේ පක්ෂ දෙක වන පීඑම්එල්-එන් හා පීපීපී පක්ෂ රජයක් පිහිටුවීම සඳහා මෙසේ ගිවිසුමකට එළඹුණා.
පසුගිය සතියේ පැවති මහ මැතිවරණයෙන් පසු අගමැතිවරයෙකු තෝරා ගැනීමට ෂරීෆ්ගේ පක්ෂයට උදව් කරන බව භූතෝ පැවසුවා.
මෙම පක්ෂ දෙක මීට පෙර 2022 වසරේදී ඉම්රාන් ඛාන් බලයෙන් පහ කිරීමට කටයුතු කළා.
ඉම්රාන් ඛාන් සහාය දක්වන ස්වාධීන අපේක්ෂකයින් මැතිවරණයේ දී අනපේක්ෂිත ලෙස වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත්තා.