ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අද පෙරවරුවේ විවෘත කෙරුණා.
ඒ එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානය ආසන්නයේ මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පිහිටුවා තිබෙනවා.
සෑම ග්‍රාම නිලධාරී වසමක්ම සම්බන්ධ කර ගනිමින් පරිගනක 160ක් ආධාරයෙන් සකස් කළ දත්ත පද්ධතියක් ඔස්සේ මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදුකෙරෙන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ.
ඉදිරියේ පැවැත්වෙන සෑම මැතිවරණයක්ම මෙම මෙහෙයුම් කාර්යාල මගින් සම්බන්ධීකරණය කරනු ඇති.
මෙම කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය වීලි ගමගේ මහතා පත්කර තිබෙනවා.