සටන් විරාම සාකච්ඡා එකඟත්වයකින් තොරව අවසන් වීමත් සමඟ ඊශ්රායලය නැගෙනහිර රෆා ප්රදේශයට ප්රහාර එල්ල කළා.
දකුණු ගාසාහි රෆා නගරයට ප්රහාර එල්ල කළහොත් ඊශ්රායලයට ආයුධ ලබා නොදෙන බවට ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් අනතුරු අඟවා තිබුණා. එහෙත් ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්රහාර නැවැත්වීම ප්රතික්ෂේප කර තිබෙනවා.
මේ අතර ඊශ්රායල හමුදා රෆාහි ප්රදේශ ගණනාවකට ගුවනින් බෝම්බ හෙලූ බව පලස්තීන වැසියන් පවසනවා.
ගාසා තීරයේ සටන් නැවැත්වීම සඳහා ඊජිප්තුවේ කයිරෝ හි පැවති නවතම සටන් විරාම සාකච්ඡා වටය එකඟත්වයකින් තොරව අවසන් වීමත් සමගයි එම ප්රහාර එල්ල වුණේ.
ඊශ්රායල ප්රහාර වලට ප්රතිචාර දක්වමින් හමාස් සටන්කාමීන් රෆා නගරයේ නැගෙනහිර මායිමේ පිහිටි ඊශ්රායල යුද ටැංකිවලට යුද ටැංකි නාශක රොකට් හා මෝටාර් ප්රහාර එල්ල කර තිබෙනවා.