වසර දෙකක වේගවත් වර්ධනය හේතුවෙන් බ්‍රිතාන්‍යය ආර්ථික අවපාතයෙන් මිදුණු තත්ත්වයකට පත්ව තිබෙනවා.
අද උදෑසන නිකුත් කෙරුණු නවතම සංඛ්‍යාලේඛන අනුව පෙන්නුම් කෙරෙන්නේ එක්සත් රාජධානිය තවදුරටත් ආර්ථික අවපාතයක නොමැති බවයි. ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ බ්‍රිතාන්‍ය ආර්ථිකය 0.6% කින් වර්ධනය වූ බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය පවසනවා.
පසුගිය වසර දෙක තුළ එරට ආර්ථිකය දුර්වල වර්ධනයකට තල්ලු වී තිබුණා.
තුන්වන කාර්තුවේදී ආර්ථිකය 0.1% කින් සහ සිව්වන කාර්තුවේදී 0.3% කින් හැකිලීමෙන් පසු 2023 අවසානයේ දී රට අවපාතයකට ඇද වැටුණා.