පාසල්වල විදුහල්පතිවරුන් ඇතුළු විවිධ කණ්ඩායම් සීමාවකින් තොරව දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලද පැමිණිලි වලට අනුව උත්සව සංවිධාන කටයුතු සීමා කරමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ දෙමව්පියන්ගෙන් ලද පැමිණිලි සැළකිල්ලට ගනිමින්.
එම චක්‍රලේඛයට අනුව පළමු වාරයේදී උත්සව 03ක් සහ දෙවන හා තෙවන වාරවලදී උත්සව 04ක් පැවැත්වීමට අවසර හිමිවන අතර ඊට අමතරව තවත් උත්සවයක් පවත්වන්නේ නම් පළාත් අධ්‍යක්ෂකවරයාගෙන් අවසර ගත යුතුව ඇත.
පළමු වාරයේදී ළමුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය, නිදහස් උත්සවය සහ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය පැවැත්වීමට අවසර හිමිවන අතර දෙවන හා තෙවන වාරවලදී අධ්‍යාපන චාරිකාව, කලා උළෙල, වර්ණ ප්‍රධානෝත්සවය හා වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වීමට අවසර හිමි වනු ඇත .
සංගීත සංදර්ශන, ගුරු උපහාර ඇතුළු විවිධ සැමරුම් උත්සව සංවිධානය කරමින් විදුහල්පතිවරුන් ඇතුළු විවිධ කණ්ඩායම් සීමාවකින් තොරව දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලද පැමිණිලි වලට අනුව එම චක්‍රලේඛය නිකුත් කොට තිබේ .
