fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට ජනපති තීරණය කරයි

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2023 06:06

එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට ජනපති තීරණය කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය කර ගෙන ඇත්තේ  ජනාධිපති ධූරයේ රාජකාරී බහුල බැවින් පක්ෂ කටයුතු උදෙසා වැඩි කාලයක් ගත කිරීමට නොහැකිවීමත් දෙවන පෙළ නායකයන් බිහි කිරීමත් යන අරමුණු මුල් කර ගනිමිනි.

මෙම කාරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් සතියේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි නායකත්වය සම්බන්ධයෙන් අනවශ්‍ය ගැටලුවක් ඇති නොවීම පිණිස මෙම නායකත්ව මණ්ඩලය පත් කිරීමේ තීරණය ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දී ඇති බව සදහන්..

සමාන තත්ත්වයේ බලතල සහිතව නායකත්ව මණ්ඩලයක් පත් කිරීමෙන් සැබෑ නායකයන්ට ඉදිරියට පැමිණිය හැකි වන අතර එසේ කළ නොහැකි පිරිසට පසුබැසීමට සිදුවනු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

එම කාරණය අරමුණු කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇති අතර අගොස්තු මස මැද සතියේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී මෙම යෝජනාව සම්මත කර ගැනීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2023 06:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්