fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද සිට 14,000ට බණ්ඩි පොහොර ගන්න ගොවීන්ට අවස්ථාව

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2023 06:17

අද සිට 14,000ට බණ්ඩි පොහොර ගන්න ගොවීන්ට අවස්ථාව

අද සිට බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1000කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඊයේ පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මෙම කන්නය ආරම්භ වන විට රුපියල් 22,000 ඉක්මවා පැවති MOP පොහොර මිල රජය විසින් රුපියල් 19,500ට අඩු කරනු ලැබුවා.

එමෙන්ම යල කන්නය ආරම්භයේදීම එම පොහොර මිල තවත් රුපියල් 4500කින් අඩු කිරීමට රජය පියවර ගත්තා.

ඒ අනුව මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් රුපියල් 15,000ක් බැගින් අලෙවි කරන MOP පොහොර මිල අද සිට රුපියල් 14,000 දක්වා අඩු වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළා.

ගොවීන්ට අද සිටම එම මිලට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් පොහොර ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2023 06:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්