අද සවස 05 ට පමණ මරදාන දුම්රිය ස්ථානය හා බේස්ලයින් පාර දුම්රිය ස්ථානය අතර ගසක් කඩා වැටී තිබූ අතර, මේ වන විට එම ගස එම ස්ථානයෙන් කපා ඉවත් කොට තිබෙනවා.
එම මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු නැවත ආරම්භ කොට ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
