1977න් පසුව අඩුම අය වැය හිඟය 2025 වසරේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරනවා .
එමෙන්ම මෙම අය වැය හිඟය 4.5 ක් දක්වා ළඟා කර ගත් බවයි ජනධිපති ප්‍රකාශ කර සිටියේ .
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (19) දින පාර්ලිමේන්තුව අමතමින් .
මේ අතර 2025 අවුරුද්දේ බිලියන 4960ක් බලාපොරොත්තු වී ඇති අතර එහෙත් එම ආදායම දෙසැම්බර් 15වනදා වන විට 5125ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනාධිපති ප්‍රකාශ කළා .
මෙම ආදායම් වාර්තා සමගම ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයවැය ලේඛනයකින් අපේක්ෂා කළ ආදායම ඉක්මවා ගොස් ඇති බවයි එතුමා ප්‍රකාශ කලේ .
මෙම ආදායම් ඉහළ යාමත් සමඟම 1950න් පසුව පළමු වතාවට මෙම වසරේ ධන අතිරික්තය 3.8ක් වැනි ජයග්‍රහණයක් ලඟා කර ගැනීමට සමත් වුණේ රජය ඉලක්ක සහගතව වැඩ කිරීම නිසා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර සිටියා .
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක
ලංකා ඉතිහාසයේ වැඩිම විදෙස් ප්‍රේෂණ මේ වසරේ ලැබෙනවා. සංචාරක ඉපැයීම් 2018 බිලියන 3.8ක වගේ ඉපැයීමක් සිදු වුණේ. එය අභිබවා යයි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ වගේම අපේ භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 18කට ආසන්න ප්‍රමාණයක් උපයා ගැනීමට හැකිවෙයි කියා අපේක්ෂා කරනවා
