තාවකාලිකව අත්හිටවනු ලැබු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාව හෙට (20) වනදා සිට යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව එම දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලු මහජන සේවාවන් හෙට (20) සිට යළි ආරම්භ කරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් පසුගිය 17වනදා සිට එම දෙපාර්තමේන්තුවේ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණා.
