2024.04.11 දිනට යෙදෙන රාමසාන් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික් රැඳවියන් සඳහා පමණක් එදින අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදාතිබෙනවා
ඒ අනුව,ඉස්ලාම් ආගමික සිරකරුවන්ගේ ඥාතීන් විසින් තම නිවසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණයක් පමණක්, පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ ලබා දීමට සියළුම බන්ධනාගාර ආයතන කටයුතු කර තිබෙනවා.
2024.04.12 හා 13 දිනට යෙදෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් සඳහා 2024.04.12 හා 13 දින දෙක තුළ අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව,රැඳවියන්ගේ ඥාතීන් විසින් තම නිවසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණයක් පමණක්, පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ ලබා දීමට සියළුම බන්ධනාගාර ආයතන කටයුතු කර ඇත..
