බ්‍රිතාන්‍ය මහකොමසාරිස් මහජන ආරක්ෂක ඇමති හමු වෙයි
Related Articles
පොදු රාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ මෙන්ම ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතා හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සේරා හල්ටන් මහත්මිය අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවී සාකච්ඡා කළා.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා.
ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී අයුරින් බ්‍රිතාන්‍යයට පැමිණීම වැළැක්වීමට සහාය දක්වන්නැයි මහකොමසාරිස්වරිය මෙහිදී අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. බ්‍රිතාන්‍යයද මෑතකදී නව නීති හදුන්වාදුන් බවත්, ඒවා රටේ නීතිය හා සාමය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය බවයි අමාත්‍යවරයා කියා සිටියේ. බ්
රිතාන්‍යයේ මෑතක පැවති රාජාභිශේක උත්සවයේදී ඇතිවූ සිද්ධීන් සිහිපත් කළ අමාත්‍යවරයා නව නීති හදුන්වාදීම වැදගත් බව ද කියා සිටියා.