යාපනය ප්රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කර අළෙවි කිරීම සඳහා ගංජා මිශ්ර මාවා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (18) දින යාපනය පොලිස් වසමේ අංක 25, කාරෙයිකාට්ටු පාර, වන්නාර්පන්නෙයි, යාපනය ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී දිගු කලෙක සිට පාසල් ළමුන් ඉලක්ක කර අළෙවි කිරීම සඳහා ගංජා මිශ්ර මාවා කිලෝ ග්රෑම් 05 ක් සන්තකයේ තබාගෙන සිටි කොකුවිල් ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 32 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
