කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (24) පෙරවරුවේ සිට ඉරිදා (25) අලුයම දෙක දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. කොළඹ දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශ සහ මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බලප්‍රදේශ ද ඊට ඇතුලත්. කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශීය සභා බලප්‍රදේශ සහ රත්මලාන හා සොයිසාපුර නිවාස සංකීර්ණ වලට ද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළේ. වාර්ෂික අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සිදුකිරීමයි ඊට හේතුව.

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට සිට ඉරිදා අලුයම දක්වා ජල සැපයුම අත්හිටුවයි
කියවීමට මිනිත්තු 1