fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තඹලයා මත්ස්‍ය පැටවුන් 3500 ක් තුම්බිකුලම වැවට මුදා හැරේ

hasiniek
By hasiniek මැයි 22, 2023 17:35

තඹලයා මත්ස්‍ය පැටවුන් 3500 ක් තුම්බිකුලම වැවට මුදා හැරේ

ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය අදට යෙදී තිබෙනවා

ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් හබරන තුම්බිකුලම වැව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.

ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය මුල්කර ගනිමින් පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තුම්බිකුලම වැවට වඳයාමේ තර්ජනයට ලක්ව සිටින තඹලයා මත්ස්‍ය පැටවුන් 3500 ක් මුදාහැරීම සිදුවුණා.

ඒ පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

රාජ්‍ය ආයතන රැසක නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙම මත්ස්‍ය පැටවුන්ට උචිත වන පරිදී පරිසරය සකස් කිරීමට ද කටයුතු කර තිබුණා.

hasiniek
By hasiniek මැයි 22, 2023 17:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්