අවසන් සටනට මුම්බායි ද? ගුජරාට් ද?
Related Articles
අයි පී එල් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ දෙවන තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වෙන්නේ අහමදාබාද් හිදීයි. මුම්බායි කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ රෝහිත් ෂර්මා විසිනුයි. ඔහු මෙතෙක් අයි පී එල් ශූරතා පහක් මුම්බායි පිළට දිනා දීමට නායකත්වය සපයා තිබෙනවා. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හර්දික් පාණ්ඩයා විසින් මෙහෙයවන අතර ගියවර ශූරයන් වූයේද ගුජරාට් කණ්ඩායමයි. අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ පළමු තරගය ලකුණු 15 කින් පරාජයට පත්වීම හේතුවෙන් ගුජරාට් කන්ඩායමට මෙම තරගය ක්‍රීඩා කිරීමට සිදුව තිබෙනවා. මුම්බායි කණ්ඩායම ලක්නව් සුපර්ජෑන්ස් කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 81 කින් ජයගනිමින් මෙම තරගයට සුදුසුකම් ලබා ගත්තා.
මේ වන විටත් චෙන්නායි සුපර් කින්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටිනවා.
අවසන් මහා තරගය ලබන ඉරිදා අහමදාබාද්හිදීම පැවැත්වීමට නියමිතයි.