ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ දී ඝාතනය කර වළදමා තිබූ ෆාතිමා මුනවුවරා තරුණියගේ මරණය ගෙල සිර කිරීමකින් සිදුව ඇති බව තහවුරු වී තිබෙනවා. ඇයගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරුණු අතර එහිදි හෙළි වී ඇත්තේ ඇය දූෂණයට ලක්ව නැති බවයි.
ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ දී ඝාතනය කළ වළදමා තිබු 22 හැවිරිදි ෆාතිමා මුනවුවරාගේ දේහය ගොඩ ගැනීම ඊයේ සිදු කෙරුණා. සිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ශිවසුබ්‍රමනියම් මහතා විසින් සිදු කෙරුණු ලැබුවා. එහිදි තහවුරු වී ඇත්තේ මෙම මරණය ගෙල සිර කිරීමකින් සිදුව ඇති බවයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ගම්පොළ අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණා. එහිදි වැඩ බලන මාහේස්ත්‍රාත් එස් තෙල්කාරගේ මහත්මිය නියෝග කලේ සැකකරු ලබන 25වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
ෆාතිමා මුනවුවරාගේ දේහය පිළිබද අවසන් කටයුතු වැලිගල්ල ඇල්පිටිය මුස්ලිම් පල්ලියේ පොදු සුසාන භූමියේ දී අද සිදු කෙරුණා.
