වාලච්චේන නාපතාවිල් ප්රදේශයේ කුඹුරු යායකදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී කපා කොටා ඝාතනය කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ මිය ගිය පුද්ගලයාගේ ගොවිපලට යාබද ගොවිපලේ හිමිකරු මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
යාබද ගොවිපලේ හිමිකරුට අයත් එළුවන් මිය ගිය පුද්ගලයාගේ ගොවිපලට හානි කිරීමේ සිදුවීමකට ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවද පොලිසිය කියා සිටියා .
මිය ගිය පුද්ගලයා 74 හැවිරිදි අයෙක්.
සැකකරු ප්රදේශයෙන් පලා ගොස් තිබෙනවා.
