සෝමාලියා අගනුවර සිදු වු බෝම්බ පිපිරීම් 2කින් පුද්ගලයින් 100 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
සෝමාලියාවේ මොගඩිෂු අගනුවර පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය සහ පාසලක් ඉලක්ක කර ගනිමින් කාර් බෝම්බ ප්‍රහාර 2ක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරවලින් 300 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම ද්විත්ව ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලබා ඇති සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ප්‍රහාරයෙන් කුඩා දරුවන් හා වැඩිහිටියන් වැඩි වශයෙන් මියගොස් ඇති බව සඳහන්. කෙසේවෙතත් මෙම ප්‍රහාරය අල් ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම සිදු කර ඇති බවටයි සැකපළ කෙරෙන්නේ.