ශ්රී ලංකාව මුහුණ දුන් සෑම අසීරු අවස්ථාවකම ඇමෙරිකා එක්සත් ජනපදය තම සහයෝගය ලබා දුන් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළා. එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ.
කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිල වශයෙන් විවෘත කෙරුණේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන්. පැරණි තානාපති කාර්යාලය පිහිටා තිබූ ස්ථානයම වඩාත් පුළුල් කර නව ගොඩනැගිල්ල ඉදිකර තිබුණා. කතානායක මහින්ද යාපා අබේවර්ධන, ශ්රී ලංකාවේ එකසත් ජනපද තානාපතිනී ජුලි චන්ග් එරට රාජ්ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ උප ලේකම් ජෝන් බෑස් යන මහත්ම මහත්මීන් ඇතුළූ පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/M5nErwNXbpU”]