ඉන්දියාවේ අගනුවර වන දිල්ලිහි උෂ්ණත්වය සෙල්සියස් 52.9 ක් තරම් වාර්තාගත අගයකට ළඟා වී තිබෙනවා.
ඉන්දියාවේ උතුරු සහ බටහිර ප්රදේශවල මේ දිනවල අධික උෂ්ණත්වයක් වාර්තා වනවා.
මේ හේතුවෙන් ඇතැම් පාසල් වල සිසුන් ක්ලාන්ත වීම් වලට ලක්ව රෝහල්ගත කර තිබුණා.
බොහෝ පානීය ජල කරාම වල ජලය නොමැති ආකාරයද දැකගත හැකි වුණා.
පසුගිය සතියේ සිට ඉන්දියාවේ බොහෝ ප්රදේශවලට තාප තරංග දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා.
ඉන්දීය අගනුවර වන දිල්ලිහි පසුගිය වසරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්ම වූ නමුත් කිසි විටෙක සෙල්සියස් අංශක 52.9 තරම් ඉහළ ගොස් නැහැ.
