ඉලෝන් මස්ක් ට්විටර් සමාගමේ හිමිකාරීත්වය ලබාගැනීමත් සමඟ එම සමාගමේ සේවකයින් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉලෝන් මස්ක් ට්විටර් සමාගමේ කළමණාකරුවන්ගෙන් ඉවත් කළ යුතු පුද්ගලයින්ගේ ලැයිස්තුවක් ද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. ඉලෝන් මස්ක් ට්විටර් සමාගම හිමිකර ගැනීමට පෙර සිටම සමාගමේ සේවක සංඛ්‍යාව කප්පාදු කරන බවට මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඇතැම් වාර්තා පවසන්නේ සමාගමේ ශ්‍රම බලකායෙන් 75% ක් ඉවත් කරනු ඇති බවයි. ඔහු ට්විටර් සමාගම අමෙරිකානු ඩොලර් බිලියන 44ක මුදලකට මිලදී ගෙන දින කිහිපයකට පසුවයි මෙම තීරණය ෙගන ඇත්තේ.
