රජයට අයත් වතු සමාගම්වලට බදු දී ඇති වතු සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රත්නපුර, නිවිතිගල, දෑලදොඹගම්මන ප්‍රදේශයේ ජනතාවගේ ජලගැටලුවට විසඳුම් ලබා දෙමින් පානිය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීම වාසු දේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 590 ක්. මාස 08 ක් තුළ ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතයි. මෙහිදී අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය විශේෂ තීරණ රැසක් මේ වන විටත් ගෙන ඇති බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/YQLGEKn09pQ”]