වීථි ගණිකාවක් යොදා ගනිමින් මංකොල්ලකෑම් සිදුකළ පුද්ගලයෙකු පිටකොටුව බෝධිය අසල ප්රදේශයේ දී අත්අඩංගුවට ගැණුණා.
මෙම පුද්ගලයා ළඟ මත්කුඩු තිබී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය දැඩි පරිශ්රමයක් ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා පොලීසියට පහරදීමට උත්සාහ දැරූ බවයි පොලීසිය පවසන්නේ.
මේ අතර වැලිමඩ හා ඒ අවට ප්රදේශවලට හෙරොයින් අලෙවිකළ පුද්ගලයින් දෙදෙනෙකු වැලිමඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තා. ජංගම දුරකතන මගින් ගැනුම්කරුවන් සම්බන්ධකර ගනිමින් හෙරොයින් ජාවාරම සිදුකර ඇති බවටයි හෙළිවී තිබෙන්නේ. කුඩා මෝටර් රථයක් යොදා ගනිමින් හෙරොයින් අලෙවි කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගත් අතර එහිදී හෙරොයින් පැකට් 101 ක් පොලීසිය සොයා ගත්තා.
